අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද? (Sinhala Atuwa)

A forum for Dhamma resources in languages other than English
Post Reply
User avatar
Eko Care
Posts: 300
Joined: Mon Mar 18, 2019 7:13 am

අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද? (Sinhala Atuwa)

Post by Eko Care »

අටුවා විමර්ශනය 9 – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?
විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
මහව ඤාණාලෝක හිමි

අර්ථකථාව යනු කුමක් ද? යන්න පිළිබඳව සහ එය බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ද, වර්තමානයේ ඇති අටුවාව පිළිගත යුත්තේ කවර හෙයකින්ද යන්න ද ඉහත ලිපි වලින් අනාවරණය කළෙමු. එසේ පැවතිය දී වර්තමානයේ ඇති අටුවාවන්හි ඇති නොයෙක් දොස් ගෙනහැර දක්වමින් අර්ථකථාව බුද්ධ දේශනයනක් නොවන බව පුන පුනා පැවසීමට අධර්මවාදීහු උත්සාහ ගනිති. ඒ අතර අටුවාවන්හි නොයෙක් නොගැලපෙන තැන් ඉදිරිපත් කරමින් ඒ නිසාවෙන්ම අටුවාව ප්‍රකීර්ණක දේශනාව විය නොහැකි බව දැඩි සේ පැවසුවෝ පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ ය. උන්වහන්සේ සිය අටුවා පරීක්ෂණය ග්‍රන්ථයේ ඒ පිළිබඳ බොහෝ විස්තර ඉදිරිපත් කරමින් අටුවාව බුද්ධදේශනය නොවන බව පවසති. එසේ පැවසෙන අටුවාවන්හි පැනෙන නොයෙක් පරස්පර තැන් පිළිබඳ අවධානය යොමු කිරීම ධර්ම පිළිබඳ විමසන සුළු කා හටත් වැදගත් වේ. එහෙයින් වර්තමාන අටුවා ග්‍රන්ථයන්හි පරස්පර තැන් ඇති වූයේ කවර හේතුවෙන් ද යන්න විමසා බැලීම මෙම ලිපියෙන් අදහස් කරමු.

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පෙළ දහම සහ එහි අර්ථ විවරණය පවත්වාගෙන පැමිණියේ සාරිපුත්‍ර, මොග්ගල්ලායන, මහාකාශ්‍යප, ආනන්ද ආදී ශ්‍රාවකයන් වහන්සේ විසිනි. එසේ පවත්වාගෙන පැමිණි පෙළ අර්ථකථා සහිත ත්‍රිපිටකය පළමු, දෙවන, තෙවන සංගායනාවන්ට බඳුන් විය. එසේම ඒ අතරින් පෙළ දහම දීඝභාණක, මජ්ඣිමභාණක ආදී භාණක පරම්පරා විසින් කටපාඩමින් දරාගෙන පවත්වාගෙන පැමිණි බැව් කවුරුත් පාහේ දන්නා කරුණකි. එහෙත් අර්ථකථාව පවත්වාගෙන ආ භාණක පරපුරක් විශේෂයෙන් සඳහන් නොවන්නේ ඒ ඒ භාණකයන් වහන්සේ විසින් තමන් විසින් කටපාඩමින් දරාගෙන පැමිණි ධර්මයට අර්ථ විනිශ්චය ද දරාගත් බැවිනි. එහෙත් පෙළ දහම කටපාඩමින් දරාගෙන පැමිණි අතර අටුවාව අර්ථ විනිශ්චය වශයෙන් දරාගෙන පැමිණියහ. වරින් වර සජ්ඣායනා කිරීම මගින් පෙළ දහම පවත්වාගෙන පැමිණීමේ දී එකිනෙකා අතර වෙනස්කම් සිදු වීම ඉතාම අල්ප වේ. එබැවින් වර්තමානයේ ඇති පෙළ දහම පොත් පත් අතර වෙනස්කම් ඇත්තේ ඉතාම අල්ප වශයෙනි.

ඒ ඒ භාණක පරපුර විසින් තමන්ට අදාළ අටුවාව පමණක් විනිශ්චය වශයෙන් දරාගෙන පැමිණි අතර ඒ සියලු දෙනා විසින් දරාගත් මූලික පරමාර්ථ ධර්ම පිළිබඳ විග්‍රහයන් අතර කිසිදු වෙනසක් ඇති නොවේ. එහෙත් නිවන් අවබෝධයට උපකාරී නොවන ඇතැම් සංඛ්‍යාත්මක කරුණු, පාරිසරික තොරතුරු ආදියෙහි වෙනසක් ඇති වීම පොත්පත් නොතිබුණු එසමයෙහි අරුමයක් නොවේ. අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති බව පවසමින් බුද්ධදත්ත හිමියන් ඇතුළු බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන්නේ මෙවන් නොවැදගත් කරුණුම වීම ආශ්චර්යයකි. කිසිදු අටුවා දෙකක් අතර පරමාර්ථ ධර්මයන්හි අර්ථවිග්‍රහයන් වෙනස් නොවේමය. එසේ වෙනසක් දකින්නෝ අල්පශ්‍රැත භාවය නිසා ධර්මය විවරණය කරගැනීමට නොහැකි වන්නෝමය.

බුද්ධදත්ත හිමිපාණෝ සිය අටුවාපරීක්ෂණය කෘතියෙහි ආරම්භයේ පටන්ම ඉදිරිපත් කරන අටුවාවන්හි නොගැලපෙන තැන් කිහිපයක් ධර්මානුකූල විවරණය කිරීම කාලෝචිත වේ. ඒ අතර උන්වහන්සේ ඉදිරිපත් කරන එක් කරුණක් වන්නේ බෝසතුන් වහන්සේගේ අංග ලක්ෂණ පරික්ෂා කළ බමුණන් පිළිබඳ සංඛ්‍යාත්මක දෝෂයයි (අටුවාපරීක්ෂණය, 03, 04 පිටු). බෝසතුන් ඒකාන්තයෙන්ම බුදුවන බව බමුණන් පස්දෙනෙකු පැවසූ බව එක් අටුවාවක සඳහන් වන අතර තවත් අටුවාවක කොණ්ඩඤ්ඤ බමුණා පමණක් පැවසූ බව සඳහන් වීම ඒ ඒ භාණක පරම්පරා විසින් පවත්වාගෙන පැමිණීමේ දී සිදු වූ ප්‍රමාද දෝෂයක් වියයුතු. එවැනි ප්‍රමාද දෝෂයක් ඒ ඒ භාණක පරම්පරා අතර සිදුවිය හැකි අතර එහි නිර්වාණාධිගමයට ඇති බාධාවක් නැත. එසේ නම් මෙම මජ්ඣිම නිකාය අටුවාව සහ අංගුත්තර අටුවාවන් දෙකම සංස්කරණය කළ බුදුගොස් ඇදුරුපාණෝ මෙම වෙනස නොදැක්කෝ ද? දැක්කාහු මය. එසේ නම් ඒවා නිවැරදි නොකළේ කවර හෙයකින් ද? එය උන්වහන්සේලාගේ ධර්මගරුත්වය හෙළිවන මනා නිදසුනකි. මන්ද එබඳු කරුණු නිවැරදි කිරීමට යළි බුදුවරයෙක්ම පහළ විය යුතුය. එය පරමාර්ථ ධර්ම පිළිබඳ නුවණින් විමසා නිවැරදි කළ නොහැකිය. එබැවින් එහිලා තම අත්තනොමතියක් හෝ නොදක්වා තමන් ඇසූ අයුරින්ම දැක්වූහ. එයින් තම සත්කාර්යයෙන් අල්පමාත්‍ර වූ හෝ ධර්මය වෙනස් කිරීමක් සිදු නොවූ බවට සහතික වූහ. එහෙත් ශාසනික වශයෙන් බලපානු ලබන සම්මුති–පරමාර්ථ භේදයක් පිළිබඳ යම් නොගැලපීමක් වූයේ නම් ඒ සියල්ල ධර්ම–විනය අනුව ගලපා ඒ සියලුතැන් නිවැරදි කළබව උන්වහන්සේම ‘තස්‌මා හි යං අට්‌ඨකථාසු වුත්‌තං – තං වජ්‌ජයිත්‌වාන පමාදලෙඛං’ යැයි පැවසූහ. ඒ පිළිබඳ අපගේ පස්වන (5) ලිපියෙන් කරුණු ගෙනහැර දැක්වීමු.

මේ පිළිබඳ ත්‍රිපිටකයෙහි කුශාග්‍ර බුද්ධිමත් ටීකාචාර්යයන් වහන්සේලා ද මෙසේ පැවසූහ. “තං තං භාණකානං මතෙන අට්‌ඨකථාසුපි වචනභෙදො හොතීති ගහෙතබ්‌බං = ඒ ඒ භාණකවරුන්ගේ මතය හේතුවෙන් අර්ථකථාවන්හි ද වචනභේදය වේ යැයි ගතයුතු” යැයි දීඝනිකාය ටීකාචාර්යයන් වහන්සේ පැවසූහ. “තං සබ්‌බං අඤ්‌ඤමඤ්‌ඤවිරුද්‌ධම්‌පි තංතංභාණකානං මතෙන ලිඛිතසීහළට්‌ඨකථාසු ආගතනයමෙව ගහෙත්‌වා ආචරියෙන ලිඛිතං ඊදිසෙ කථාවිරොධෙ සාසනපරිහානියා අභාවතො, සොධනුපායාභාවා ච. පරමත්‌ථවිරොධො එව හි සුත්‌තාදිනයෙන සොධනීයො, න කථාමග්‌ගවිරොධොති.” යැයි විමතිවිනෝදනී ටීකාචාර්යයන් වහන්සේ තවදුරටත් විස්තර වශයෙන් පැවසූහ. එනම්, ‘(යම් අටුවා දෙකක් අතර නොගැළපීමක් වේ නම්) ඒ එකිනෙක නොගැළපෙන සියල්ල ඒ ඒ භාණකයන්ගේ මතය ඇසුරෙන් ලියන ලද සීහළ අට්ඨකළාවන්හි ආවා වූ ක්‍රමයෙන් ම ගෙන ආචාර්යයන් වහන්සේ (බුදුගොස් ඇදුරුපාණන්) විසින් ලියන ලදී. මෙබඳු කථා විරුද්ධතාවකින් ශාසන පරිහානියක් නොවන බැවින් මෙන්ම නිවැරදි කිරීමේ ක්‍රමයක් ද නොමැති බැවිනි. යම් පරමාර්ථ ධර්මයන් අතර විරුද්ධත්වයක් වේ නම් ඒ පමණක් ම සුත්ත, සුත්තානුලෝම, ආචරියවාද, අත්තනොමති යන චතුර්විධ විනිශ්චය ක්‍රමය ඇසුරෙන් නිවැරදි කළහැකි වේ. කථාමාර්ගයන්හි එන නොගැළපෙන තැන් නිවැරදි කළ නොහැකි වේ’ යනුවෙනි. එබැවින් බමුණන්ගේ ගණන වැනි නොවැදගත් දෙයක් ඒ ඒ භාණකපරපුර විසින් දරාගෙන පැමිණි අයුරින්ම ලියනවා විනා ධර්මයේ චිරස්තිථිය අපේක්ෂා කරන්නවුන් කුමක් කරම්ද?

බුද්ධදත්ත හිමියන් දක්වන තවත් කරුණක් වන්නේ භාග්‍යවතුන් වහන්සේට ශීතල, උෂ්ණය දැනීම පිළිබඳ අටුවා දෙකක දෙපරිද්දකින් සඳහන් වීමයි. එහිලා පැවසිය යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම ධර්ම–විනය විනිශ්චයක් දෙන්නකු සතු විය යුතු පූර්වාපර කුශලතාවය බුද්ධදත්ත හිමියන්ට නැති බවයි. දික්සඟි අටුවාවෙහි විවරණය කෙරෙන්නේ එකී අවස්ථාවේ සිදු වූ තත්වයක් පිළිබඳව වේ. එනම් ආනන්ද මාහිමියන් වහන්සේ වත්ත ශීර්ෂයෙන් බුදුරජාණන් වහන්සේට පවන් සලමින් සිටිය අතර එම අවස්ථාවේ උන්වහන්සේට පවන් සැලීමේ කාරණයක් නොවූ බව දැක්වීමට ‘භගවතො පන සීතං වා උණ්හං වා නත්ථි’ යැයි පැවසූහ. අංගුත්තර නිකායේ වස්සකාර සූත්‍ර අටුවාවේ මෙම සිදුවීම විස්තර කරන තැන ද මෙසේම පවතින බැවින් බුදුගොස් ඇදුරුතුමන්ට වැරදුණු බවක් සිතීම මුළාවකි. එහෙත් ඉන්ද්‍රිය සංයුත්තයේ බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ අව්ව තපිමින් සිටි බවක් දැක්වෙන ජරාධම්ම සූත්‍ර අටුව්වේ ‘සම්‌මාසම්‌බුද්‌ධස්‌සපි උපාදින්‌නකසරීරෙ උණ්‌හකාලෙ උණ්‌හං හොති, සීතකාලෙ සීතං, අයඤ්‌ච හිමපාතසීතසමයො.’ යැයි සර්වඥ ශරීරයටත් ශීතෝෂ්ණ ඇතිවන බව කිය වේ. එය ද අදාළ අවස්ථාව පිළිබඳ කරන විවරණයක්ම වන අතර එය දික්සඟි අටුවාව හා ගැළපීම කළ නොහැක්කක් වේ. විනයපිටකයේ ද බුදුරජාණන් වහන්සේ ශීතල සමයේ එළිමහනේ රාත්‍රිය ගත කළ අතර බුදුරජාණන් වහන්සේට ශීතල දැණුනු බව සඳහන් වේ. එබැවින් යම් අවස්ථාවක් පමණක් විස්තර කළ දික්සඟි අටුවා විග්‍රහය ගෙන අටුවාචාරීන්ට වැරදුණු බව පවසන බුද්ධදත්ත හිමියන්ගේ ප්‍රකාශය පදනම් විරහිත වේ.

තවත් මෙබඳු කරුණු ඉදිරිපත් කිරීම් ඇති අතර ලිපිය දීර්ඝ වන බැවින් ඒ පිළිබඳ කරුණු නොදක්වමු. එබැවින් බුද්ධදත්ත හිමියන් ඇතුළු බොහෝ දෙනා අටුවාවන්හි පසුකාලීනව ඇති වූ නොයෙක් නොගැලපීම් ඉදිරිපත් කරමින් අටුවාව බුද්ධභාෂිතයක් නොවේ යැයි ප්‍රතික්ෂේප කිරීම නුවණැතියන් විසින් විමසිය යුත්තක් වේ. මන්ද සංඛ්‍යාත්මක දෝෂ, ලිපි දෝෂ ආදිය කවුරු අතිනුදු සිදුවිය හැකි බැවිනි. එවැනි ලිපි දෝෂ දක්වන බුද්ධදත්ත හිමියන් විසින් රචිත පාළිභාෂාවතරණය නැමති අගනා ග්‍රන්ථය අපටද ශුද්ධමාගධී භාෂාවේ මුලකුරු කීමට උපකාරී විය. එහෙත් එහි නොයෙක් මුද්‍රණ දෝෂ ඇති බැවින් ඒ දොස් බුද්ධදත්ත හිමියන්ගේ දොස් යැයි දැකීමට අපි අදූරදර්ශී නොවෙමු. එසේම අටුවා දෙකක් අතර කාලයක් තිස්සේ මතකයේ දරාගෙන පැමිණීමේ දී සහ පුස්කොලපොත් වලින් පිටපත් කිරීමේ දී සිදු වූ නොගැළපීම් දෝෂ ඔස්සේ කල්පනා කර ඒවා සංගීතිකාරක මහරහතන් වහන්සේලාගේ හෝ අටුවා සංස්කරණය කළ ඇදුරුවරයන්ගේ දොස් ලෙස දැකීමට ඉක්මන් නොවෙත්වා. එසේම එබඳු දෝෂ නිසාවෙන් අටුවාව බුද්ධදේශනයක් නොවන බවට ප්‍රතික්ෂේප කිරීමට අදූරදර්ශී නොවී අර්ථකථාවන්හි එන මහරහතන් වහන්සේලා විසින් අවිච්ඡින්නව පැවතගෙන ආ අර්ථ විනිශ්චයන් ඔස්සේ ධර්මය දැක සියල්ලෝම සුව ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගනිත්වා!

විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

මහව ඤාණාලෝක හිමි
ඉහත ලිපිය ප්‍රවීන විනය ආචාර්ය නුවර එළියේ ඤාණසීල හිමියන් යටතේ විනය හැදෑරූ හිමි නමක විසින් ලියන ලද්දකි. හොඳින් කියවා බලා ධර්ම ගෞරවයෙන් යුක්තව සිංහලෙන් අදහස් දක්වන මෙන් ඉල්ලමු.
Do you think you know better than the ancient Sangha ?
classicaltheravada.wordpress.com
User avatar
DNS
Site Admin
Posts: 13952
Joined: Tue Dec 30, 2008 4:15 am
Location: Las Vegas, Nevada, Estados Unidos de América
Contact:

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by DNS »

It's okay to post in non-English languages, but to include the English translation with it. I got this from google translate:



Comment Review - How did the inconsistencies in the comments come about?


Commentary Review 9 - How did the inconsistencies in the comments come about?
In Science, Tripitaka, Tripitaka Master
Mahawa Gnanaloka Thero

What is the meaning? And how is it a Buddha discourse? In the above articles we have revealed why and why the present comment should be accepted. In spite of this, the heretics try to reiterate that the commentary is not a discourse of the Buddha, citing various flaws in the present commentaries. Meanwhile, Ven. Polwatte Buddhadatta Thero pointed out various inconsistencies in the commentaries and said that the commentary could not be a complicated sermon. He gives many details about it in his commentary book and says that the commentary is not a sermon. It is important for anyone who inquires about the Dhamma to pay attention to the various contradictions that arise in such commentaries. Therefore, in this article, we intend to look into the reasons for the inconsistencies in the current commentary books.

The Supreme Buddha maintained the Indigenous text and its interpretation by disciples such as Sariputra, Moggallayana, Mahakashyapa and Ananda. The Tripitaka with its textual interpretations was the subject of the first, second and third conferences. It is also a well known fact that the Pela Dhamma was memorized and maintained by generations of Bhanakas such as Dighabhanaka and Majjimabhanaka. But there is no mention of a generation of commentators who maintained the interpretation because each of the commentators also bore the interpretation of the Dhamma which they had memorized. But the text was memorized and the commentary was interpreted. There is very little difference between the two in maintaining the text by chanting from time to time. Therefore, there are very few differences between the text books available today.

There was no difference between the interpretations of the Dhammas of the Basic Objectives which were borne by each generation of commentators as judgments of their own. But it is not surprising that in the absence of books, there is a change in certain numerical facts, environmental information, etc. that do not help in Nirvana realization. It is a wonder that so many people, including Ven. Buddhadatta Thera, make such an unimportant point by saying that there are inconsistencies in the commentaries. The interpretations of objective doctrines do not differ between any two commentaries. Those who see such a difference will not be able to interpret the Dhamma due to pettiness.

It is timely to make a theological commentary on some of the inconsistencies in the commentaries presented by Ven. Buddhadatta from the very beginning of his commentary. One of the points he makes is the numerical error of the Brahmins who examined the features of the Bodhisattva (Commentary, pp. 03, 04). In one commentary it is stated that five Brahmins said that the Bodhisattvas would definitely attain enlightenment, while in another commentary it was stated that only the hairy Brahmin must have made a mistake in maintaining it. Such a late error can occur between generations and there is no impediment to its nirvana. If so, did not Budugos Adurupano, who edited both the Majjhima Nikaya commentary and the Anguttara commentary, see this difference? I saw. If so, why were they not corrected? It is a good example of their piety. Because a Buddha himself must come down again to correct such matters. It cannot be corrected by inquiring wisely about objective doctrines. So they did as they were told, without even showing their arrogance. It ensured that there was little or no change in the Dhamma in their service. But if there was any discrepancy between the consensus-objective divisions that were affecting the Sasana, he himself said that he had corrected them all in accordance with the Dharma-Vinaya, saying, We have outlined this in our fifth (5) article.

The wise commentators of the Tripitaka also said in this regard: The commentator on the Diganikaya said, "It must be assumed that there is a difference of opinion in the interpretations due to the opinion of the commentators." “Sasana Parihaniya Abhavatho, Sodhanupayabhava Paramatman is one of the topics in focus at Global Oneness. The commentator further elaborated. That is to say, ‘(if there is a mismatch between two commentaries) all those that do not match each other were written by Dr. (Budugos Adhurupana) in the same way as they came in the Sihala Attakalas, which were written according to the opinion of the respective commentators. Such a story is not a Sasana degeneration due to opposition and there is no way to correct it. If there is a contradiction between certain objective doctrines, it can only be corrected by the fourfold judgment of Sutta, Suttanuloma, Acharyavada and Attanomati. Inconsistencies in the storyline cannot be corrected. '
User avatar
DooDoot
Posts: 10690
Joined: Tue Aug 08, 2017 11:06 pm

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by DooDoot »

again, this topic appears to be about sectarian or political assertions without any in-depth reasoning supporting them.

the "commentators" are not a monolithic identity. sometimes they were correct, sometimes incorrect

proper discussion is to post examples of actual commentary and then discuss them

there appears to be little merit in being a copy & past dhamma librarian

the Buddha taught to use yoniso manasikara after hearing a teaching

the Buddha taught yoniso manasikara is like the "dawn" preceding the Noble Eightfold Path
There is always an official executioner. If you try to take his place, It is like trying to be a master carpenter and cutting wood. If you try to cut wood like a master carpenter, you will only hurt your hand.

https://soundcloud.com/doodoot/paticcasamuppada
https://soundcloud.com/doodoot/anapanasati
User avatar
Eko Care
Posts: 300
Joined: Mon Mar 18, 2019 7:13 am

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by Eko Care »

Here is one of the previous articles of the venerable which is necessary to understand the article above:
අටුවා විමර්ශනය 04 – බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද?

බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනයක් පැවති බවත් එකී ප්‍රකීර්ණක ධර්ම දේශනය ඇසුරින් සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් අර්ථකථා සම්පාදනය කරනලද බවත් පසුගිය ලිපියකින් විස්තර කරන ලදී. එකී අර්ථකථාවම මහින්දාගමනයෙන් ලක්දිවට සපැමිණි අතර එය පසුව සීහළ බසින් පවත්වාගෙන එන ලදී. අනතුරුව ක්‍රි.ව. 5වන සියවසේ දී පමණ ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ සහ සෙසු ධම්මපාල ආදී ආචාර්යයන් වහන්සේලා විසින් ඒ සීහළ අර්ථකථා ශුද්ධ මාගධී (පාළි) භාෂාවට පරිවර්තනය කරන ලදී. එසේ පරිවර්තනය කරන ලද අර්ථකථා සම්පාදනයේ දී එහි අර්ථය වඩාත් තහවුරු කිරීමට නොයෙක් තත්කාලීන ප්‍රවෘත්ති, එවකට සිටි ආචාර්යවරයන්ගේ විනිශ්චයන් ආදිය එක් කරන ලදී. මෙම එකතු කිරීම් ආදිය හේතුවෙන් බුද්ධඝෝෂ හිමි ඇතුළු ඒ අටුවාචාරීන් වහන්සේලා අතීතයේ පටන් පැවති අර්ථකථාව වෙනස් කළ බවට ඇතමෙක් චෝදනා කරති. එහෙත් එකී අර්ථකථනයන් මැනවින් පිරික්සා බැලීමේ දී ප්‍රකට වන්නේ ඉදිරිපත් කරන ලද විනිශ්චයන්හි දී කිසිදු ලෙසකින් පෙළ දහම ඉක්මවා නොමැති බවයි. ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නම් අටුවාචාරීන් වහන්සේලා කරන ලද සංස්කරණයන් පිළිබඳ මනා වැටහීමක් තිබිය යුතු වේ. ඒ අනුව ඒ අටුවාචාරීන් වහන්සේලා අර්ථකථාකරණයේ දී සිදු කරන ලද කාර්යභාරය කුමක් ද යන්න විමසා බැලීම මෙම ලිපියෙන් අදහස් වේ.

බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ ත්‍රිපිටක අර්ථකථා අතර පළමුවෙන්ම කරන ලද අර්ථකථාව ලෙස සැලකිය හැක්කේ සමන්තපාසාදිකා විනයාර්ථකථාව වේ. එහි දී උන්වහන්සේ සීහළ බසින් පැවති අර්ථකථාව ශුද්ධමාගධී භාෂාවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය මෙසේ ගාථාවකින් දක්වති.

සංවණ්‌ණනා සීහළදීපකෙන – වාක්‍යෙන එසා පන සඞ්‌ඛතත්‌තා;

න කිඤ්‌චි අත්‌ථං අභිසම්‌භුණාති – දීපන්‌තරෙ භික්‌ඛුජනස්‌ස යස්‌මා.

එහි අර්ථය මෙසේය. ‘යම් හෙයකින් මෙම අර්ථ වර්ණනාව සීහළ දීපයේ වාක්‍යෙයන් (සිංහල භාෂාවෙන්) රචනා කළ හෙයින් ඒ අර්ථවර්ණනාව විදේශික භික්ෂුජනයාට කිසිදු අර්ථයක් නොම සලසයි’ යනුවෙනි. ඒ අනුව සීහළ බසින් පැවති අර්ථකථාව විදේශ රටවල භික්ෂූන්ට ද භාවිත කළහැකි ආකාරයට පොදු වූ ශුද්ධමාගධී භාෂාවෙන් තැබීම උන්වහන්සේගේ අදහස විය. ඒ අදහසින් බුද්ධඝෝෂ ඇදුරුපාණෝ ත්‍රිපිටකයට එකළ සිංහළ බසින් පැවති අර්ථකථාව වන හෙළ අර්ථකථාව ශුද්ධමාගධී භාෂාවට පරිවර්තනය කළහ. මතුවට එන ගාථාවක දී ‘තතො ච භාසන්තරමෙව හිත්වා’ යැයි මේ බව උන්වහන්සේ පැවසූහ. එසේම සුමඞ්ගලවිලාසිනී දීඝනිකායාර්ථකථාවේ එන පහත ගාථාවෙන් ද ඒ බුදුගොස් ඇදුරුපාණෝ හෙළ අර්ථකථාව මාගධී භාෂාවට පරිවර්තනය කළ බව මනාව පැහැදිලි වේ.

අපනෙත්‌වාන තතොහං, සීහළභාසං මනොරමං භාසං;

තන්‌තිනයානුච්‌ඡවිකං, ආරොපෙන්‌තො විගතදොසං.

එනම් ‘ඒ අර්ථකථාවෙන් එහි භාෂාව වූ සිංහල භාෂාව ඉවත් කර පෙළ දහමට ගැලපෙන්නා වූ මනරම් වූ ශුද්ධමාගධී (පාළි) භාෂාවට ඒ අර්ථකථාවේ එන නොගැලපෙන නිරුක්ති ආදී වූ දෝෂ හැරපියා නංවනුයේ’ යනුවෙනි. ඒ අනුව මෙම අර්ථකථාව වනාහී ඇතැම් අධර්මවාදීන් පවසන පරිදි බුද්ධඝෝෂ මාහිමියන්ගේ නිර්මාණයක් නොවේමය. උන්වහන්සේ විසින් කරන ලද්දේ එවකට පැවති හෙළ අර්ථකථාව එහි සිංහළ භාෂාව ඉවත් කොට ඒ වෙනුවට පාළි භාෂාව යොදා සකස් කිරීමයි. එහෙත් ඒ පරිවර්තනයේ දී කරන ලද ඇතැම් සංස්කරණයන් පැවති බව පැහැදිලිව සඳහන් වේ.

එසේම හෙළ අටුවා පරිවර්තනය කරන සමයේ ප්‍රධාන අර්ථකථා කිහිපයක් පැවති බව සමන්තපාසාදිකා නිදාන ගාථාවලින්ම හෙළි වේ. තමන් වහන්සේගේ අර්ථකථා සම්පාදනයට ඒ අර්ථකථා සියල්ලෙන් අවශ්‍ය තොරතුරු සම්පාදනය කරගත් බව බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ සමන්තපාසාදිකා අර්ථකථාවේ සඳහන් කරන්නේ මෙසේය.

සංවණ්‌ණනං තඤ්‌ච සමාරභන්‌තො – තස්‌සා මහාඅට්‌ඨකථං සරීරං;

කත්‌වා මහාපච්‌චරියං තථෙව – කුරුන්‌දිනාමාදිසු විස්‌සුතාසු.

විනිච්‌ඡයො අට්‌ඨකථාසු වුත්‌තො – යො යුත්‌තමත්‌ථං අපරිච්‌චජන්‌තො;

තතොපි අන්‌තොගධථෙරවාදං – සංවණ්‌ණනං සම්‌ම සමාරභිස්‌සං.

එනම් ‘ඒ සංවර්ණනාව ආරම්භ කරන්නා වූ මම මහා අර්ථකථාවෙහි කියන ලද අර්ථවර්ණනාව ශරීරය කොටගෙන එසේම මහාපච්චරිය, කුරුන්දි ආදී වූ ප්‍රසිද්ධ අර්ථකථාවන්හි යම් විනිශ්චයක් කියන ලද්දේ ද ඒවායින් චතුර්විධ විනය විනිශ්චයන් හා ගැලපෙන යුතු අර්ථයන් අත නොහරිමින්, අර්ථකථාවෙන් බැහැර පැවති ස්ථවිරවාදයන් ද ඇතුළත් කරමින් මෙම අර්ථ වර්ණනාව මැනවින් ආරම්භ කරන්නෙමි’ යනුවෙනි. මේ අනුව එකළ මහා අට්ඨකථාව යනුවෙන් ප්‍රධාන හෙළ අර්ථකථාවක් පැවති බව හෙළි වේ. එය විනය පිටකයට පමණක් නොව සමස්ථ ත්‍රිපිටකයටම පොදු අර්ථකථාවක් වූ බව අටුවාවෙන්ම පැහැදිලි වේ. එකී මහා අර්ථකථාව මහාවිහාරිකයන්ගේ ප්‍රධාන අර්ථකථාව වූ බැවින් එහි එන වර්ණනාව මූලික කරගන්නා බුදුගොස් ඇදුරුපාණෝ එවකට පැවති සෙසු අර්ථකථා වන මහාපච්චරිය, කුරුන්දි ආදී අර්ථකථාවන්ගෙන් ද සුදුසු අර්ථ එකතු කරගත් බව පවසති. මෙහි ‘ආදි’ පදයෙන් ආන්ද්‍ර දේශයේ අට්ඨකථාව වූ අන්ධකට්ඨකතාව ද සඞ්ඛේප අට්ඨකථාව නම් අර්ථකථාවක් ද සංග්‍රහ වන බව විනය ටීකා පවසත්. මේ අනුව එවකට අර්ථකථා වශයෙන් ග්‍රන්ථ පහක් (05) පමණ පැවති බව හෙළි වේ.

මෙහි දී බුද්ධඝෝෂ ආචාර්යයන් වෙත පැවරෙන කාර්යභාරය හා එහි පසුබිම මදක් විමසා බැලිය යුතු වේ. මේ වන විට අභයගිරි විහාරය බිහිව එහි වෛතුල්‍යවාදය ආදී භින්නලබ්ධික (ථෙරවාදයට පටහැනි) මතවාද ඉගැන්වෙමින් පැවති අතර කළක් මහාවිහාරය අතහැර ගොස් සිටි ථෙරවාදී භික්ෂූහු යළි රාජ්‍ය අනුග්‍රහ ලැබ මහාවිහාරය පිහිටවූ කාලයයි. මෙම කාලය වනවිට ථෙරවාදී මහාවිහාරිකයන් සහ අභයගිරි ආදී භින්නලබ්ධිකයන් අතර ඇතැම් ධර්ම විනය විනිශ්චයන් පිළිබඳ වෙනස් මතවාද පැවති බව අටුවාවන්හි එන ඇතැම් සිදුවීම් වලින් ප්‍රකට වේ. මෙසේ වෙනස් මතවාදයන් පැවතීමේ දී විශේෂයෙන් පෙළදහම පිළිබඳ පැවති වෙනස්කම් වලට වඩා ඉස්මතු වූයේ අර්ථකථනයන් පිළිබඳ වෙනස්කම් වේ. දෙපාර්ශවයේම එකසමාන ලෙස පෙළෙහි එන කරුණු පිළිබඳ වෙනස් අර්ථකථනයන් විය. ඒ අනුව ධර්මය පරිශීලනය කරන පොදු ජනයා අර්ථ ගැනීම පිළිබඳ ව්‍යාකූලතාවයන්ට පත්වේ. මෙවැනි පරිසරයක් තුළ ධර්මවිනයේ චිර පැවැත්ම අපේක්ෂා කළ මහාවිහාරීය මහතෙරවරුන් පිරිසිදු ථෙරවාදී අර්ථකථනයන් සංග්‍රහ කරමින් පාළි අර්ථකථා සම්පාදනයට යොමු වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ලක්දිවට සපැමිණි බව ප්‍රකට වේ.

මෙවැනි පසුබිමක බුද්ධඝෝෂ හිමියන් වෙත පැවරුණු කාර්යභාරය වන්නේ හුදු එවකට පැවති හෙළ අටුවාව පෙළ බසට හැරවීම පමණක්ම නොවේ. ථෙරවාදයට පටහැනිව පැතිරෙමින් පැවති විනිශ්චයන් ප්‍රතිබාහනය කොට නිවැරදි මහාවිහාරීය ථෙරවාදී විනිශ්චය සනාථ කිරීම ද උන්වහන්සේගේ වගකීමක් වූ බව දැකිය හැකි වේ. එසේ පරවාද මථනය කොට සකවාදය (පිරිසිදු ථෙරවාදය) දීපනය කිරීමේ දී එවකට පැවති අටුවා ග්‍රන්ථ පසම (5) ඒ අයුරින්ම පරිවර්තනය කිරීම හෝ ඒ එකිනෙකක් පරවාද මැඩ සකවාද දීපනය වන අයුරින් සකස් කිරීම උචිත නොවේ. ඒ අනුව පවත්නා සන්දර්භය සංශෝධනය කිරීමට වඩා ඒ සියල්ල සමෝධානය කරමින්, පරවාද මඩිමින්, පිරිසිදු ථෙරවාදී මහාවිහාරීය විනිශ්චය උද්දීපනය වන අයුරින් අභිනව අර්ථකථා සම්පාදනයක් කිරීම වඩාත් උචිත බව උන්වහන්සේට අවබෝධ විය. ඒ අනුව විනයපිටකය සඳහා සමන්තපාසාදිකාව, දීඝනිකායට සුමඞ්ගලවිලාසිනිය යනාදී වශයෙන් ත්‍රිපිටකයට අර්ථකථා සම්පාදනය කරන ලදී. මෙහිදී මෙම වෙන වෙනම නම් වලින් ලියන ලද අටුවා ග්‍රන්ථ මහාඅට්ඨකථාව අනුගමනය කළ බවත්, බොහෝ විට ඒ මහාඅට්ථකථාවේ ද ත්‍රිපිටකයේ එකිනෙක කොටස් සඳහා මෙම නම් වලින්ම වෙන වෙනම සංග්‍රහ පැවති බවද අනුමාන කළහැකි වේ. ඒ පිළිබඳ විස්තරාත්මකව ඉදිරියේ දී සඳහන් කරන්නෙමු.

මෙසේ බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ තමන්වහන්සේ වෙත පැවරුණු වගකීම අනුව අර්ථකථා සම්පාදනය කළ අතර එහිදී පරවාද මථනය පිණිස ද ථෙරවාදී මහාවිහාර විනිශ්චය දීපනය කිරීම පිණිස ද විවිධ ග්‍රන්ථයන්හි එන විනිශ්චයන් ද ඇතැම් තෙරුන් වහන්සේලාගේ මතයන් ද තත්කාලීන කථාප්‍රවෘත්තීන් ද ඇතුළත් කරන ලදී. ඒ සෑම කටයුත්තකම අවසන් අපේක්ෂාව වූයේ ථෙරවාදී විනිශ්චය සනාථ කිරීමයි. එබැවින් එබඳු සංස්කරණයක දී කිසිදු ලෙසකින් පෙළ දහම ඉක්මවීමක් සිදු විය නොහැකිය. එහෙත් පසුකාලීනව නිසි ගුරු ඇසුරකින් තොරව ත්‍රිපිටකය පරිශීලනය කරන ගිහි පැවිදි පිරිස් හට පෙළෙහි හා අටුවාවේ එන අර්ථයන් එකිනෙක ගැලපෙන ආකාරය වටහා ගත නොහැකිව අටුවාව විසින් පෙළ ඉක්මවා ඇති බව පවසනු අසන්නට, දක්නට ලැබේ. එහි දී අටුවාචාරීන් වහන්සේලා හට චෝදනා කරනු වෙනුවට තමන්ට නොවැටහෙන දේ කරුණු දන්නා ගුරුන් වෙත එළඹ අසා දැනගෙන පිරිසිදු කරගැනීමට ඔවුහු නිහතමානී වන්නේ නම් ඔවුනට මෙම සසුනේ අභිවෘද්ධියක්ම වන්නේය. තමන් ඇසුරු කරන, තම ධර්මය ශ්‍රවණය කරන සෙස්සන්ට ද නිවැරදි ධර්ම සංග්‍රහයක් කළහැකි වන්නේය. නැතහොත් එසේ අනවබෝධයෙන් ධර්මය අර්ථදක්වන්නන් විසින් කරන අර්ථ ආලෝලනයන් (පටලවා ගැනීම්) නුවණැතියන්ගේ දෝෂදර්ශනයට ලක්වේමය.

බුද්ධඝෝෂ ආචාර්යයන් විසින් සංග්‍රහ කරන ලද අර්ථකථාවන්හි දොස් පරික්ෂා කරන අය මෙහි දී උන්වහන්සේ කර ඇති බැරෑරුම් කටයුත්ත පිළිබඳව මඳක් සිතා බැලුවමනා ය. වර්තමානයේ මෙන් දියුණු තාක්ෂණයන් නොමැති, කඩදාසි පොත්පත් පෑන්පැන්සල් ආදිය නොමැති පුස්කොලපොත් වල ලියන කාලයේ අවම වශයෙන් තවත් අටුවා පොත් පහක් (05) වත් ඉදිරියේ තබාගෙන, ත්‍රිපිටක පෙළ පොත්ද ඇතැම් විට තබාගෙන ඒ සෑම පොතක්ම කියවමින් ඒවායේ සුදුසු අර්ථ තෝරාබේරාගෙන මහාවිහාරීය භික්ෂූන් වෙත පැවති ධර්ම විනය විනිශ්චය දැක්වෙන අන්දමට අර්ථකථා සම්පාදනය අතිශය බැරෑරුම් කටයුත්තක් වේ. වර්තමානයේ පවා පුස්කොල පොතක් පරිශීලනය කර ඇති අයට මෙහි ඇති බැරෑරුම් බව තවදුරටත් වැටහෙනු ඇත. වර්තමානයේ පවා ත්‍රිපිටක සංස්කරණ කිහිපයක් දක්නට ලැබෙන්නාක් මෙන් එකළ එකිනෙක විහාරයන්හි හෙළ අටුවා පොත් අතර ද යම් යම් වෙනස්කම් දක්නට තිබේ දැයි බැලීමට ඒ සියල්ල කියවා බැලූ බවද නිසැකය. එසේ එක් අර්ථකථාවක් පමණක් නොතිබූ එකළ පැවති සියලු මූලාශ්‍ර පරිශීලනය කරමින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය සංඛ්‍යාත ධර්මවිනය විනිශ්චය යළි ඉස්මතු කරමින් පසුකාලීන පරිශීලකයන්ගේ පහසුව පිණිස එක් සංග්‍රහ ග්‍රන්ථයක් කිරීම ශාසනික වශයෙන් බුද්ධිමතුන් විසින් කළයුතු වැදගත් සේවාවක් වේ.

එසේ එක් ග්‍රන්ථයක් වෙනුවට ග්‍රන්ථ කිහිපයක් පරිශීලනය කිරීමට සිදු වූයේ නම් පසුකාලීනව ධර්මවිනය පිරිහී ගිය කාලයන් හි නිවැරදි විනිශ්චය තෝරා බේරා ගැනීමට භික්ෂූහු අසමත් වන බව නොඅනුමානය. සියලු විනිශ්චයන් සමෝධානය කොට එක් විනිශ්චයක් ලෙස දක්වා ඒවායේ මූලාශ්‍ර ග්‍රන්ථයන්හි එක එකක් පැමිණි ආකාරය සඳහන් කරන බුදුගොස් ඇදුරුපාණෝ ඒ මූලාශ්‍ර පිළිබඳ මතුවට විමසන්නවුන්ට ද අවකාශ ඉතිරි කළහ. එසේ නාමමාත්‍ර වශයෙන් එකී හෙළ අටුවා මූලාශ්‍ර පිළිබඳ අර්ථකථාවන්හි සඳහන් වීම නිසා ම ඇතමෙක් අටුවාචාරීන් වහන්සේලාට විවිධ චෝදනා ඉදිරිපත් කරති. එසේ ඉදිරිපත් කෙරෙන චෝදනා සහ ඒවාට නිසි පිළිතුරු ඉදිරියේ දී සැපයීමට අපේක්ෂා කරමු. ඒ අනුව බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ සිය අර්ථකථා කරණයේ දී පැරණි අර්ථකථාව පෙළ දහම ඉක්මවා යන සේ වෙනස් නොකළ බව පැවසිය යුතු වේ. උන්වහන්සේගේ සංස්කරණයන් පිළිබඳව සහ ඒවායේ යුක්තිසහගත බව පිළිබඳ තවදුරටත් කරුණු දැක්වීම් මීළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය, විද්‍යාවේදී

මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ
____________________________________________________________________________________________________________________
Google translator:
Commentary Inquiry 04 - Did Buddhaghosa change the commentary?

It was explained in a previous article that there was a sermon of the Supreme Buddha and that interpretations were compiled by the Arahants who were close to him on that sermon. The same interpretation came to Sri Lanka from Mahindagamana and was later maintained in the Sihala language. Then AD. Dr. Buddhaghosa and other Dhammapalas who came to Sri Lanka around the 5th century translated these Sihala commentaries into the sacred Maghadi (Pali) language. In the compilation of such interpretations, various contemporary news items, judgments of the lecturers of the time, etc. were added to further confirm its meaning. Some allege that due to these additions, the commentators, including Ven.But a closer look at those interpretations reveals that the judgments presented do not transcend the text in any way. To get an accurate understanding of this, one must have a good understanding of the edits made by the commentators. Accordingly, this article seeks to examine the role played by those commentators in the interpretation.

The Samantha Pasadika Discipline is considered to be the first interpretation of the Tripitaka by the Buddha. The need to translate the meaning of the Sihala language into the language of the Holy Magadhi is stated in a stanza as follows.

SANVANANA SEEHALADIPAKENA - VAKKAYENA ESA PANA SANKHATATHATHA

Na Kinchi Aththan Abhisambhunathi - Bhikkhu Janasasa Yasma of Deepanthara.

Its meaning is as follows. "Somehow this commentary was written in the sentence of the Sihala island (in Sinhala) so that interpretation does not make any sense to the foreign monks." Accordingly, it was his intention to put the meaning of the Sihala language in the common Maghadi language so that it could be used by monks in foreign countries as well. With that in mind, Buddhaghosa translated the Hela Arthakatha, the Sinhala interpretation of the Tripitaka into Sinhala, into the Holy Magadhi language. In an emerging stanza, he said, 'Tatho cha bhasantharameva hitva'. It is also clear from the following stanza in the Sumadgalavilasini Deeganikayaparthakatha that the Buddha translated the commentary of Adurupano Hela into the Maghadi language.

Apanethlavana Tathohan, Seehalabhasan Manoraman Bhasan;

Thanthinayanuchchavikan, Aropentho Vigatadosan.

That is to say, 'Sinhala language, which is its language, is removed from that interpretation and errors such as inconsistent etymologies in that interpretation are added to the beautiful Shuddhamagadhi (Pali) language which is in line with the text.' Accordingly, this interpretation is not, as some heretics claim, a creation of Ven. Buddhaghosa. What he did was to remove the Sinhala translation of the then existing Hela commentary and replace it with the Pali language. But it is clear that there were some edits made in that translation.

Also, it is revealed in the stanzas of Samantha Pasadika that there were several main interpretations during the translation of the Hela Atuwa In his commentary on the Samantha Pasadika, the Buddha states that he compiled the necessary information for all of his commentaries.

Sanvannanan Thancha Samarabhantho - Tassa Mahaattakathan Sarirang;

Kathwa Mahapachchariyang Thathewa - Kurundinamadisu Vissuthasu.

Judges Attakathasu Vuttho - Yoyuttamatthan Aparichchajantho;

Tathopi Anthogadhatheravadan - Samvannanam Samma Samarabhissang.

That is to say, 'I, the initiator of that development, took the interpretation of the Great Interpretation as a body and made some judgment in the famous interpretations such as Mahapachchariya, Kurundi, etc. I will start. ' Thus it is revealed that at that time there was a main Hela interpretation called the Maha Attakathawa. It is clear from the commentary that it had a common meaning not only for the Vinaya Pitaka but for the entire Tripitaka. Since this great interpretation was the main interpretation of the Maha Viharayas, Budugoss Adurupano based his praise on it and says that he added appropriate meanings from other interpretations such as Mahapacchariya and Kurundi which existed at that time. According to the Vinaya commentary, the word 'Adi' here is a synopsis of the anthology of Andhra Pradesh and the interpretation of the anthology of Sadheka.Thus it is revealed that there were about five (05) books on the subject at that time.

Here the role of the Buddhaghosa lecturers and its background should be examined. By this time the Abhayagiri Vihara was established and its sectarian (anti-Theravada) ideologies such as Vaithulyavada were being taught. It is evident from some incidents in the commentaries that by this time there were differences of opinion among the Theravada Maha Viharas and sectarians such as Abhayagiri regarding certain disciplines of the Dhamma. In the presence of such different ideologies, the differences in interpretations were more pronounced than the differences, especially in the text. Both sides had similarly different interpretations of the text. Accordingly, the common people who use the Dhamma are confused about their interpretation.In such an environment, the Maha Viharayas who aspired for the perpetuation of the Dharmavinaya resorted to compiling Pali commentaries compiling pure Theravada interpretations. As a result, it is known that the Buddha Ghosh came to Sri Lanka.

In such a background, the role assigned to Ven. It can be seen that it was also his responsibility to refute the judgments that were spreading against Theravada and to confirm the correct Mahavihara Theravada judgment. It is not appropriate to translate the commentaries of the time (5) in the same way or to suppress each other in such a way as to illuminate Sakavada (pure Theravada). Accordingly, he realized that it would be more appropriate to reconcile all these, to suppress the paradoxes, and to make a new interpretation in such a way as to highlight the pure Theravada Mahavihara judgment. Accordingly, Samantha Pasadika for the Vinayapitaka, Sumadgalavilasiniya for the Diganikaya, etc. were compiled for the Tripitaka. Here, the commentary written under these separate names followed the Grantha Maha Attakatha.It is conceivable that there were separate treatises of the same names for each part of the Tripitaka in that great epic as well. We will talk about that in detail later.

Thus the Buddha compiled interpretations according to the responsibility entrusted to him, which included the judgments of various scriptures, contemporary theories and contemporary narratives for the purpose of contemplating heresy and enlightenment of the Theravada Maha Viharas. The ultimate goal of all these activities was to uphold the Theravada judgment. Therefore, in such an edition, there can be no transgression of the text. However, later lay clergymen who used the Tripitaka without the proper guidance of a teacher could not understand how the meanings of the text and the commentary matched each other. Instead of blaming the commentators, if they are humble enough to approach the gurus who know what they do not understand and cleanse themselves, it will be an improvement for them in this Sasana. Who associate with themselves,Others who listen to their own Dhamma will also be able to compile a correct Dhamma. Or the interpretations (confusions) made by those who interpret the Dhamma so ignorantly are misunderstood by the wise.

Those who criticize the commentaries compiled by Dr. Buddhaghosa should think a little about the serious work he has done here. At the time of writing, at least five (05) commentaries were kept in front of the pamphlets, which did not have the advanced technology and paper books, pencils, etc., as at present. Interpretation is a very serious matter. Even today, those who have used a pamphlet will understand the seriousness of this. It is certain that I read them all to see if there were any differences between the Hela commentaries of the temples at that time, as there are several editions of the Tripitaka even today.It is an important service of the Sasana intellectuals to make a single book for the convenience of the later users, using all the sources that existed at that time which did not have only one interpretation, re-emphasizing the complex discourse of the Supreme Buddha on the numerical Dharmavinaya judgment.

If it were necessary to use several books instead of one, there is no doubt that the monks would have been unable to pick and choose the correct judgment in later times when the Dharmavinaya had deteriorated. Commenting on all the judgments and making them into a single judgment, Budugos Adurupano, who mentions how each of their sources came to be in the textbooks, also left room for those who inquire further about those sources. Some commentators make various accusations because the commentary on the Hela commentary is so nominal that it is mentioned in the commentaries on the sources. We look forward to providing such allegations and appropriate answers in the future. Accordingly, it should be said that Dr. Buddhaghosa did not change the old interpretation in his interpretation beyond the text. The following article will explain more about his editions and their legitimacy.

Compiler
Mahawa Gnanaloka Thero
Do you think you know better than the ancient Sangha ?
classicaltheravada.wordpress.com
User avatar
Eko Care
Posts: 300
Joined: Mon Mar 18, 2019 7:13 am

විශුද්ධිමාර්ගය අග ඇති ගුණ වර්ණනාවත් ප්‍රාර්ථනාවත් ලියා ඇත්තේ බුද්ධමිත්ත හිමියන් බව

Post by Eko Care »

දෙවන පරාක්‍රමබාහු රජු විසින් 13 වන සියවසේදී (ක්‍රි.ව . 1234 සිට 1269 ) විශුද්ධිමාර්ගයට සිංහල සන්නයක් ලියා ඇත .
එය "පරාක්‍රමබාහු සන්නය" හෝ "විශුද්ධිමාර්ග මහා සන්නය" ලෙස හැඳින්වේ.

මෙම සන්නයේ රජු සඳහන් කර ඇත්තේ “විශුද්ධිමාර්ගය අග ඇති ගුණ වර්ණනාවත් ප්‍රාර්ථනාවත් ලියා ඇත්තේ බුද්ධඝෝස හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ බුද්ධමිත්ත නම් භික්ෂුවක් විසිනි” යනුවෙනි .
  • රජතුමා සඳහන් කර ඇත්තේ “විපුල විශුද්ධ ...” සිට ඇරඹෙන ගුණ වර්ණනාව (එපිලොග් එක/පසුවදන) බුද්ධමිත්ත හිමියන්ගේ එකතු කිරීමක් වශයෙනි.
  • තවද, බුද්ධඝෝස හිමියන්ගේ නම "බුද්ධඝෝස යනුවෙන් ගුරුන්ගෙන් ලද නම් ඇති හිමියන් විසින් මෙම ග්‍රන්ථය ලියන ලදී" ලෙස සඳහන් කිරීමට හේතුව රජු විසින් ප්‍රකාශ කර ඇත. බුද්ධමිත්ත හිමියන් එසේ පවසා ඇත්තේ ශිෂ්‍ය-භික්ෂුවට ගුරු-භික්ෂුවගේ නම කෙලින්ම සඳහන් කළ නොහැකි බැවිනි.
  • එසේම එතැනම ඉන් අනතුරුව සඳහන්වන "මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කර ඇති ප්‍රාර්ථනාව" ලියන ලද්දේද ශිෂ්‍ය බුද්ධමිත්ත හිමියන් විසින් බව රජතුමා සඳහන් කරයි.
මෙමගින් බුද්ධඝෝස හිමියන් "තමන් ලියූ විශුද්ධිමාර්ගයවත් විශ්වාස නොකර මෙතේ බුදුන් දැක්මට පැතූ බව" කියමින් බුද්ධඝෝස හිමියන්ට නිගරු කරන නූතන විවේචකයින් අපහසුතාවයට පත් වී ඇත.

_______________________________________________________________________________________

King Parakramabahu II of Kingdom of Dambadeniya had written a Sinhala glossary (Sannaya) to Visuddhimagga within 1234 to 1269CE .
It is called Visuddhimárga-mahásannaya or Parákramabáhu-sannaya.
Ven. Nanamoli's Visuddhimagga Bibliography:
Sinhala: Visuddhimárga-mahásanne, ed. Ratanapala Medhankara et al, 2 vols., Kalutara, 1949. (Also called Parákramabáhu-sannaya. A Pali-Sinhala
paraphrase composed by King Pandita Parákramabáhu II in the 13th cent. CE.)
In this glossary the king had mentioned "the epilogue/colophon is written by a monk called Buddhamitta who was a student of Acariya Buddhagosa".
  • The king had mentioned the epilogue starting from "Vipula visuddha buddhina ..." an onwards as the addition of venerable Buddhamitta.
  • Furthermore the king had stated why the name of Acariya Buddhagosa is mentioned as "Buddhaghosoti garuhi gahita nama dheyyena" in this epilogue. The king had said this is because the student-monk can't mention the teacher-monk's name directly. (A convention practiced by Venerable Ananda towards his teacher Venerable Mahakassapa and said to be practiced by Sri Lankan forest monks even in the present day).
This has embarrassed modern critics who despise the Buddhaghosa Thera, saying that "he wished to meet the Metteyya Buddha and attain Arahantship there without even believing in Visuddhimagga he had written."

Colophons of Acariya Buddhaghosa
Do you think you know better than the ancient Sangha ?
classicaltheravada.wordpress.com
User avatar
DooDoot
Posts: 10690
Joined: Tue Aug 08, 2017 11:06 pm

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by DooDoot »

Eko Care wrote: Wed Apr 14, 2021 10:10 pm Those who criticize the commentaries compiled by ... Buddhaghosa should think a little about the serious work he has done here.
Those who don't criticize the commentaries compiled by ... Buddhaghosa should think a little about the serious extinction that occurred to Buddhism in India and very close in Ceylon. For the common man, Buddhism became close to indistinguishable from Hinduism. Since a 'self' was reborn in Hinduism compared to Buddhaghosa's twelve-fold emptiness, the Hindu teachings sounded much more logical to the common person that Buddhoghosa's idiosyncratic version of Buddhism. This said, the fact Buddhaghosa was able to dominate Buddhism shows Buddhism was already in deep fatal decline in India & Ceylon. Non-Dhamma is easily defeated & vanquished.
There is always an official executioner. If you try to take his place, It is like trying to be a master carpenter and cutting wood. If you try to cut wood like a master carpenter, you will only hurt your hand.

https://soundcloud.com/doodoot/paticcasamuppada
https://soundcloud.com/doodoot/anapanasati
SarathW
Posts: 15673
Joined: Mon Sep 10, 2012 2:49 am

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by SarathW »

Hi EC
It appears you have a better knowledge of Atua (Sinhalese Buddhist commentary) So Invite you to participate in discussions and point to those important matters.
:anjali:
“As the lamp consumes oil, the path realises Nibbana”
User avatar
DooDoot
Posts: 10690
Joined: Tue Aug 08, 2017 11:06 pm

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by DooDoot »

SarathW wrote: Thu Apr 15, 2021 4:38 am important matters.
Eko Care wrote: Wed Apr 14, 2021 10:10 pm the student-monk can't mention the teacher-monk's name directly. (A convention practiced by Venerable Ananda towards his teacher Venerable Mahakassapa and said to be practiced by Sri Lankan forest monks even in the present day).
Sounds like Judaism, where G_D is not mentioned.
There is always an official executioner. If you try to take his place, It is like trying to be a master carpenter and cutting wood. If you try to cut wood like a master carpenter, you will only hurt your hand.

https://soundcloud.com/doodoot/paticcasamuppada
https://soundcloud.com/doodoot/anapanasati
SarathW
Posts: 15673
Joined: Mon Sep 10, 2012 2:49 am

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by SarathW »

DooDoot wrote: Thu Apr 15, 2021 4:51 am
SarathW wrote: Thu Apr 15, 2021 4:38 am important matters.
Eko Care wrote: Wed Apr 14, 2021 10:10 pm the student-monk can't mention the teacher-monk's name directly. (A convention practiced by Venerable Ananda towards his teacher Venerable Mahakassapa and said to be practiced by Sri Lankan forest monks even in the present day).
Sounds like Judaism, where G_D is not mentioned.
Unfortunately, this is a Sri Lankan custom too.
My mother never allowed us to call my brothers or sisters by name. We all had nicknames.
God knows why?
“As the lamp consumes oil, the path realises Nibbana”
User avatar
DooDoot
Posts: 10690
Joined: Tue Aug 08, 2017 11:06 pm

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by DooDoot »

SarathW wrote: Thu Apr 15, 2021 5:06 am Unfortunately, this is a Sri Lankan custom too.
God knows why?
I have not read this in the suttas.
There is always an official executioner. If you try to take his place, It is like trying to be a master carpenter and cutting wood. If you try to cut wood like a master carpenter, you will only hurt your hand.

https://soundcloud.com/doodoot/paticcasamuppada
https://soundcloud.com/doodoot/anapanasati
User avatar
Dhammanando
Posts: 6133
Joined: Tue Dec 30, 2008 10:44 pm
Location: Mae Wang Huai Rin, Li District, Lamphun

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by Dhammanando »

DooDoot wrote: Thu Apr 15, 2021 5:13 am
SarathW wrote: Thu Apr 15, 2021 5:06 am Unfortunately, this is a Sri Lankan custom too.
God knows why?
I have not read this in the suttas.
It's from the Vinaya (Vin. i. 92). When the Buddha first gave the bhikkhusangha permission to carry out bhikkhu ordinations it was the custom for the announcing ācariya in the ordination ceremony to address the preceptor by his personal name, which in the case of Mahākassapa would have been Pippali. But Ānanda, being a student of Mahākassapa, was too scrupulous to address his teacher in this way. Instead, he would always address him either as bhante or by his brahminical gotra name, Kassapa. Ānanda's scrupulosity eventually led to the following episode:
The allowance to make proclamations using the clan name

At one time someone wanted the full ordination with Venerable Mahākassapa. Mahākassapa sent a message to Venerable Ānanda: “Please come, Ānanda, and do the proclamation.” Ānanda thought, “Because I respect the elder so much, I’m unable to say his name.” They told the Buddha and he said,

“I allow you to do the proclamation using clan name, too.”
Anabhirati kho, āvuso, imasmiṃ dhammavinaye dukkhā, abhirati sukhā.

“To not delight in this dhammavinaya, friend, is painful; to delight in it is bliss.”
(Sukhasutta, AN 10:66)
SarathW
Posts: 15673
Joined: Mon Sep 10, 2012 2:49 am

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by SarathW »

SarathW wrote: Thu Apr 15, 2021 5:06 am
DooDoot wrote: Thu Apr 15, 2021 4:51 am
SarathW wrote: Thu Apr 15, 2021 4:38 am important matters.
Eko Care wrote: Wed Apr 14, 2021 10:10 pm the student-monk can't mention the teacher-monk's name directly. (A convention practiced by Venerable Ananda towards his teacher Venerable Mahakassapa and said to be practiced by Sri Lankan forest monks even in the present day).
Sounds like Judaism, where G_D is not mentioned.
Unfortunately, this is a Sri Lankan custom too.
My mother never allowed us to call my brothers or sisters by name. We all had nicknames.
God knows why?
In Sri Lanka, we will never call our parents by their names either.
“As the lamp consumes oil, the path realises Nibbana”
User avatar
Eko Care
Posts: 300
Joined: Mon Mar 18, 2019 7:13 am

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

Post by Eko Care »

Since the given Google translation of the first article above has missed the last part:
https://atvo6zt7yj5kdgvinsx2vbtcq4-adv7 ... icle/28722
Do you think you know better than the ancient Sangha ?
classicaltheravada.wordpress.com
User avatar
Eko Care
Posts: 300
Joined: Mon Mar 18, 2019 7:13 am

Re: අටුවා විමර්ශනය – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද? (Sinhala Atuwa)

Post by Eko Care »

අටුවා විමර්ශනය 01 – අර්ථකථාව යනු කුමක්ද? එය බුදුගොස් හිමිගේ නිර්මාණයක් ද?

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු බුද්ධ වචනය ත්‍රිපිටක ධර්මය ලෙස හැඳින්වේ. එහි ලා මූලික වශයෙන් දේශනා කරන ලද දේශනය පෙළ හෙවත් සූත්‍රය ලෙස හඳුන්වන අතර එහි අර්ථ වර්ණනාව අටුවාව හෙවත් අර්ථකථාව නම් වේ. එකී අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේම දේශනය ඇසුරෙන් සකස් කරන ලද හෙයින් බුද්ධභාෂිතයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වේ. මහින්දාගමනයෙන් ලක්දිවට බුදුදහම දායාද වීමේ දී එකී අර්ථකථනයන් ද සහිත ත්‍රිපිටක ධර්මය ලක්දිවට රැගෙන එන ලදී. පසුකාලීනව එකී අර්ථකථනය ලක්දිව මහරහතන් වහන්සේලා විසින් සිංහල බසින් පවත්වාගෙන පැමිණි අතර ක්‍රි. ව. 5 වන සියවසේ දී පමණ ලක්දිවට සපැමිණි බුද්ධඝොෂ නම් මහාප්‍රාඥ තෙරුන්වහන්සේ නමක විසින් ඒ සීහළ අර්ථකථාව මාගධී (පාළි) භාෂාවට පරිවර්තනය කරන ලදී. එසේ පරිවර්තනය කර පිළියෙල කරන්නට යෙදුණු පාළි අර්ථකථා වර්තමානයේ ව්‍යවහාරයේ පවතී. එසේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ විසින් පාළි අර්ථකථා සකස් කිරීම පිළිබඳ ගිහි පැවිදි බොහෝ දෙනා අතර නොයෙක් මතවාද වර්තමානයේ පවතී. ඇතමෙක් පවසන්නේ බුද්ධඝෝෂ හිමියන් විසින් ස්වකීය මතවාදයන් අර්ථකථාවන්හි ඇතුළත් කළ බවයි. එසේ බුද්ධඝෝෂ හිමියන් විසින් සකස් කරන්නට යෙදුණු අර්ථකථා ඇසුරෙන් බුද්ධවචනය විකෘති වන බව ඇතමෙකුගේ අදහසයි. එහෙයින් අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් කරනලද කටයුත්ත කෙබඳු ද? ඒ පිළිබඳව නවීන විචාරකයන්ගේ මතවාද මොනවාද? සහ අර්ථකථා පිළිබඳ ගිහි පැවිදි දෙපාර්ශවයටම ඇති ගැටළු පිළිබඳ ත්‍රිපිටකානුකූලව ලබාදිය හැකි පිළිතුරු මොනවාද යන්න විමසා බැලීම මෙම ලිපි පෙළේ අරමුණ වේ.

අර්ථකථාව යනු කුමක් ද?

බුද්ධඝෝෂ මාහිමියන් විසින් විරචිත සමන්තපාසාදිකා විනය අර්ථකථාවේ ප්‍රාරම්භක ගාථාවන්හි අර්ථකථාව යනු කුමක්ද යන්න පිළිබඳව අදහසක් ගෙන දෙන ගාථාවක් මෙසේ ය.

බුද්ධෙන ධම්මො විනයො ච වුත්තො – යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො

සො යෙහි තෙසං මතිමච්චජන්තා – යස්මා පුරෙ අට්ඨකථා අකංසු[1]

මෙහි සරල අර්ථය වන්නේ ‘බුදුරජාණන් වහන්සේ විසින් යම් ආකාරයකින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරන ලද්දේ ද, ඒ ධර්මවිනය ඒ බුදුරජාණන් වහන්සේගේම පුත්‍ර වූ මහාකාශ්‍යප ආදී තෙරුන් වහන්සේලා විසින් ඒ ආකාරයෙන් ම දැනගත්තේ ද, ඒ බුද්ධපුත්‍රයන් වහන්සේලාගේ අදහස අත නොහැර සීහළ අර්ථකථාචාර්යයන් වහන්සේලා පෙර අර්ථකථා කළාහුය’ යන්නයි.

මෙම ගාථාවෙන් බුදුගොස් ඇදුරුපාණෝ සිය අර්ථකථාකරණයට මූලාශ්‍ර කරගත් හෙළ අර්ථකථාව බුද්ධදේශනාව අනුව ගිය අර්ථ විවරණයක් බව හෙළි කරයි. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කිරීමේ දී අති දීර්ඝ ධර්මදේශනයන් පවත්වන බවත් ඒ සියල්ල පෙළ වශයෙන් හඳුන්වන ත්‍රිපිටක සූත්‍රයෙහි අන්තර්ගත නොවන බව බොහෝ සූත්‍ර දේශනා වලින් හෙළි වේ. ධර්මශ්‍රවණය කරන ඇතැම් අය සෝවාන් ආදී මාර්ගඵලයන්ට පමුණුවමින් සෙසු අයට සුගතිගාමී වීමට උපනිශ්‍රය සම්පත් සාදාලමින් මෙසේ දීර්ඝ දේශනයක් පවත්වන බව පැවසේ. එසේ පෙළට ඇතුළත් නොවූ බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ දේශනය ප්‍රකීර්ණක ධර්ම දේශනය ලෙස හැඳින්වේ. එම ප්‍රකීර්ණක ධර්ම දේශනය ඒ බුදුරජාණන් වහන්සේගේ සමීපචාරී සාරිපුත්ත, මහාකාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා විසින් ඒ ආකාරයෙන්ම දැනගන්නා ලදී. එබැවින් ඒ මහරහතන් වහන්සේලා විසින් ද ඇතැම් අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආකාරයට ම ධර්ම කරුණු විස්තර කරමින් සෙසු භික්ෂූන්ට දහම් දේශනා කරන ලදී. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සච්චවිභංග සූත්‍රාදිය, මහාකච්චායන මහරහතන්වහන්සේ විසින් දේශිත මධුපිණ්ඩික, මහාකච්චායන භද්දේකරත්ත ආදී සූත්‍ර, ආනන්ද මාහිමියන් විසින් දේශිත සේඛ සූත්‍රාදිය මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකි වේ. ඒ ධර්මදේශනයන් බුදුරජාණන් වහන්සේ ද අනුමත කරමින් තමන්වහන්සේ දේශනා කරන ලද්දේ නම් ඒ ආකාරයෙන්ම දේශනා කරන බව ද වදාළ සේක.

ඒ බුදුරජාණන් වහන්සේ ගේ සමීපචාරී වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මුල් වී පවත්වන ලද ප්‍රථම ධර්ම සංගායනාවේ දී මෙම ප්‍රකීර්ණක ධර්මදේශනා සංඛ්‍යාත අර්ථකථාව ද සංගායනා කරන ලදී. අනතුරුව භාණක පරම්පරා විසින් ත්‍රිපිටකයේ ඒ ඒ කොටස් භාරගෙන මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ අතර ඒ ඒ කොටසට අදාළ අර්ථකථාව ද එසේම මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන එන ලදී. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම රැගෙන ඒමේ දී මෙම අර්ථවරණනාවන්ද සමග ත්‍රිපිටක ධර්මය රැගෙන එන ලදී. ඒ සමස්ථ ධර්මය මාගධී (පාළි) භාෂාවෙන්ම පැවති අතර පසුකාලීනව සිංහල මහරහතන් වහන්සේලා විසින් අර්ථකථාව සිංහල බසින් පවත්වාගෙන ආහ. එසේ පවත්වාගෙන පැමිණි අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය ඇසුරෙන් මහාකාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා විසින් පවත්වාගෙන ආ අර්ථකථාවම බව ඉහත ගාථාවෙන් පැහැදිලි වේ. උන්වහන්සේලාගේ අදහස අතනොහැරම ලක්දිව වැසි සිංහල මහරහතන් වහන්සේලා විසින් හෙළ අර්ථකථාව කරන ලද බව ඉන් පැවසේ. තවදුරටත් දීඝනිකායාර්ථකථාවේ මෙම පුවත සඳහන් වන්නේ මෙසේය.

අත්ථප්පකාසනත්ථං අට්ඨකථා ආදිතො වසීසතෙහි – පඤ්චහි යා සඞ්ගීතා අනුසඞ්ගීතා ච පච්ඡාපි

සීහලදීපං පන ආභතාථ වසිනා මහාමහින්දෙන – ඨපිතා සීහලභාසාය දීපවාසීනමත්ථාය [2]

එහි අර්ථය නම්, ‘අර්ථ ප්‍රකාශ කරනු පිණිස කරන ලද අර්ථකථාව මුලින්ම පන්සියයක් වසීප්‍රාප්ත මහරහතන් වහන්සේලා විසින් සංගායනාවට ලක් කරන ලද්දේ, පසුව ද දෙවන තුන්වන සංගීතීන්හා යළි සංගායනා කරන ලද්දේ, වසීප්‍රාප්ත මහා මහින්ද මහරහතන් වහන්සේ විසින් සීහලදීපයට රැගෙන එන ලදී. අනතුරුව සීහලදීපයේ වාසයකරන්නවුන්ගේ ප්‍රයෝජනය පිණිස සීහලභාෂාවෙන් තබන ලදී’ යනුවෙනි. එසේ සීහල බසින් තබන ලද අර්ථකථාව හෙළඅටුවාව නම් වූ අතර වළගම්බා රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ දී පොත් වල ලියන ලදී. මෙසේ ලියන ලද ප්‍රධාන හෙළ අටුවා ග්‍රන්ථ තුනක් එකල තිබී ඇත. එනම් මහා අට්ඨකථාව, මහාපච්චරිය අට්ඨකථාව හා කුරුන්දි අට්ඨකථාව නමිනි. බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ මහා අට්ඨකථාව පදනම් කරගෙන සෙසු අර්ථකථාවන්හි ගතයුතු විනිශ්චයන් ද අත නොහැර අටුවා මාගධී භාෂාවට පරිවර්තනය කරන ලදී.

මෙසේ බුදුරජාණන් වහන්සේගේ දේශනය ඇසුරෙන් අර්ථකථාව සකස් වී ඇති බැවින් එය බුද්ධ දේශනයක් ලෙස ථෙරවාදීන්ගේ සම්භාවනාවට පාත්‍ර වේ. ඒ නිසාම ටීකා ග්‍රන්ථයන් හි ‘න හි භගවතා අබ්‍යාකතං නාම තන්‌තිපදං අත්‌ථි, සබ්‌බෙසංයෙව අත්‌ථො කථිතො, තස්‌මා සම්‌මාසම්‌බුද්‌ධෙනෙව තිණ්‌ණං පිටකානං අත්‌ථවණ්‌ණනාක්‌කමොපි භාසිතොති දට්‌ඨබ්‌බං. තත්‌ථ තත්‌ථ භගවතා පවත්‌තිතා පකිණ්‌ණකදෙසනායෙව හි අට්‌ඨකථා.’[3] යැයි සඳහන් වේ. එහි අර්ථය වන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද ත්‍රිපිටක ධර්මයක් නම් නැත්තේය. සියලුම දේශනයන්හි අර්ථය දේශනා කරන ලද්දේය. එබැවින් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින්ම ත්‍රිපිටකයේ අර්ථ වර්ණනාවද වදාළ බව දත යුතුය. ඒ ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ප්‍රකීර්ණක ධර්ම දේශනයම අර්ථකථාව වේ’ යනුවෙනි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක පෙළ දේශනය පළමු ධර්ම සංගායනාවේ දී සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් ‘එවං මෙ සුතං’ ආදී පාඨ එක් කරමින් සකස් කොට සංග්‍රහ කරන ලද අතර එය බුද්ධදේශනයක් ලෙස සියලු දෙනාම පිළිගනිත්. එසේම බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන පවත්වන ලද විස්තරාත්මක ධර්මදේශනය ද පළමු ධර්මසංගායනාවේ දී සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් අර්ථකථාව ලෙස සංග්‍රහ කරන ලදී. එහිදී එකම අර්ථ විවරණය බොහෝ සූත්‍ර වල පැමිණෙන අවස්ථා වලදී ඒවායේ පුනරුක්තීන් (යළි යළි කීම්) ඉවත් කොට, අවශ්‍ය අවස්ථාවල දී බුද්ධ දේශනය අනුව උපමා කථා ආදිය ඇතුළත් කරමින් සමස්ථ ත්‍රිපිටකයට ගැළපෙන අර්ථකථාවක් ලෙස සකස් කරන ලදී. එසේ සකස් කරන ලද අර්ථකථාව ද පෙළදේශනය සේම බුද්ධදේශනය ඇසුරෙන් සකස් කරන ලද බැවින් බුද්ධවචනය ලෙසම පිළිගත යුතු වේ.

මේ අනුව අර්ථකථාව යනු හුදෙක් බුදුගොස් හිමියන්ගේ නිර්මාණයක් නොව බුද්ධ දේශනය අනුව පැවත එන සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන ලද්දක් වේ. එකී අර්ථකථාව යනු ‘ආචරියවාදය’ය යන මතය පිළිබඳව ඉදිරියේ ලිපියක් මගින් කරුණු දක්වන්නෙමු. බුදුරජාණන් වහන්සේගේ විස්තරාත්මක ධර්ම දේශනයක් පැවති බව පිළිබඳ සූත්‍රාගත නිදර්ශනයන් ද සමගින් අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද යන්න මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

[1] සමන්තපාසාදිකා විනයාර්ථකථාව(සපා), හෙවාවිතාරණ මුද්‍රණ(හෙමු), 2පි

[2] සුමඞ්ගලවිලාසිනී දීඝනිකායාර්ථකථාව (සුවි), හෙමු, 1පි

[3] සාරත්ථදීපනී විනය ටීකා

සම්පාදක
ත්‍රිපිටකාචාර්ය, විද්‍යාවේදී
මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ
Google translation:
Commentary Review 01 - What is the Commentary? Is it a creation of Ven. Buddhaghosa?

All the words of the Buddha preached by the real Samma Sambuddha are called the Tripitaka Dhamma. Its primary discourse is called the text or formula, and its interpretation is called commentary or interpretation. This interpretation is considered to be the language of the Buddha, as it was adapted from the discourse of the Supreme Buddha himself. The Tripitaka Dhamma with the same interpretations was brought to Sri Lanka during the Mahinda 's journey to bring Buddhism to Sri Lanka. Later that interpretation was maintained in Sinhala by the great Arahants of Lakdiva. ව. The Sihala interpretation was translated into the Maghadi (Pali) language by a great sage named Buddhaghosa who came to Sri Lanka around the 5th century. The Pali interpretations thus translated and prepared are still in use today.Thus, there are various theories among the lay clergy regarding the compilation of Pali interpretations by Dr. Buddhaghosa. Some say that Ven. Buddhaghosa included his views in the commentaries. Some are of the opinion that the word of the Buddha is distorted by the interpretations prepared by the Buddha Ghosh Thero. So what was the work done by the commentator Buddha Ghosh? What are the views of modern critics on that? The purpose of this series of articles is to examine what the Tripitaka can provide answers to the problems of both the clergy and the laity regarding interpretation.So what was the work done by the commentator Buddha Ghosh? What are the views of modern critics on that? The purpose of this series of articles is to examine what the Tripitaka can provide answers to the problems of both the clergy and the laity regarding interpretation.So what was the work done by the commentator Buddha Ghosh? What are the views of modern critics on that? The purpose of this series of articles is to examine the Tripitaka's answers to the problems of both the clergy and the laity.

What is the atthakatha?

Here is a stanza that gives an idea of ​​the meaning of the opening stanzas of the Samantha Pasadika Vinaya Arthakatha written by Ven. Buddhaghosha.

Buddha Dhammo Vinayo Cha Wutto - Thatheva Nhatho in Yo Tassa Putte

Thesang Mathimachchajantha of Soya - Yasmapura Attakatha Akansu [1]

The simple meaning here is that 'although the Supreme Buddha preached a certain Dhamma and discipline in a certain way, that Dharma Vinaya was known in the same way by the same sons of the Supreme Buddha, such as Mahakashyapa. 'To go.

In this stanza, Budugos Adurupano reveals that the Hela commentary, which was the source of his interpretation, was a commentary on the teachings of the Buddha. Many Sutta discourses reveal that the Supreme Buddha preached very long sermons and that all of them are not included in the so-called Tripitaka Sutta. It is said that some of the Dharmashravanas give such a long discourse, leading the way to Sovan and creating sublime resources for the benefit of others. The long discourse of the Supreme Buddha, which was not included in the text, is called the Prakirnaka Dhamma Discourse. Sariputta and Mahakashyapa, who were close associates of the Supreme Buddha, came to know about this complex sermon in the same way. Therefore, those great Arahants sometimes preached the Dhamma to other monks, explaining the Dhamma in the same way as the Supreme Buddha.Examples of this are the Sachchavibhanga Sutta preached by Arahant Sariputta, the Desha Madhupindika by Mahakachchayana, the Maha Sutra by Mahakachchayana Bhaddekaratta, and the Desitha Sekha Sutta by Ananda Thera. The Supreme Buddha also endorsed those sermons and said that if he preached, he would preach in the same way.

This interpretation of the frequency of sermons was also discussed at the first Dhamma Sangayana conducted by Arahant Mahakashyapa, a close associate of the Supreme Buddha. Later the Bhanaka dynasty took over the parts of the Tripitaka and passed it on orally from generation to generation and the interpretation of each part was also passed down from generation to generation. Arahant Mahinda brought the Tripitaka Dhamma with these interpretations in bringing Buddhism to Sri Lanka. The entire Dhamma was in the Maghadi (Pali) language and was later translated into Sinhala by the Sinhala Arahants. It is clear from the above stanza that the interpretation thus maintained was the same interpretation maintained by the great Arahants such as Mahakashyapa in the context of the Supreme Buddha's eloquent sermon. It is said that the Sinhala Hera Arahants interpreted the Hela without abandoning their idea.The story goes on to say:

Athappakasanatthan Attakatha Aditho Vasisathehi - Panchahi Ya Sadgeetha Anusadgeetha Cha Pachchapi

Seehaladeepan Pana Abhatha Wasina Mahamahindena - Tapitha Seehalabhasaya Deepavasinamatthaya [2]

It means, 'The interpretation made for the purpose of interpretation was first brought together in the Sihaladeepa by five hundred Vasipraraptha Maharahathanas, and then the second and third musicals were re-assembled by the Arahants of Wasipraraptha Maha Mahinda. Then it was kept in the Sihala language for the benefit of the inhabitants of Sihaladeepa. The commentary on the Sihala language was called Hela Atuwawa and was written in books during the reign of King Walagamba during the compilation of the Tripitaka. There were three major commentaries on the Hela at that time. Namely, Maha Attakatha, Mahapacchariya Attakatha and Kurundi Attakatha. Dr. Buddhaghosa translated the commentary into the Maghadi language without abandoning the judgments to be taken in other interpretations based on the great commentary.

Since the interpretation is based on the discourse of the Supreme Buddha, it is revered by the Theravada as a discourse of the Buddha. Therefore, in the commentary books, the names of Bhagavata Abhyayakathan, Thanthipadan Aththi, Sabbasanyeva Aththo Kathitho, Tasma Sammasambuddhaneva Thinnan Pitakanan Aththavananakakopati are spoken . The Eightfold Path of the True Bhagavad Gita. ' [3]It is stated that. It means, 'There is no Tripitaka that has not been preached by the Blessed Ones. The meaning of all the sermons was preached. Therefore, it should be noted that the Supreme Buddha himself gave the praise of the meaning of the Tripitaka. The very meaningful sermon delivered by the Blessed Ones at that time is the meaning. ' The Indigenous Tripitaka text discourse by the Supreme Buddha was compiled and compiled by the great Arahants at the first Dhamma Sangayana with the addition of texts such as 'Evan Me Suthan' and is widely accepted as a sermon by the Supreme Buddha. The Supreme Buddha also gave a detailed sermon on the spot, which was compiled by the musicians at the first Dharma Sangayana as a commentary. Where the same interpretation occurs in many sutras when their repetitions (repetitions) are removed,When necessary, parables etc. were included according to the teachings of the Buddha and prepared as a commentary suitable for the entire Tripitaka. The interpretation thus prepared should be accepted as the word of the Buddha, as it was adapted from the sermon as well as the sermon.

Thus, the Arthakatha is not simply a creation of the Buddhagos Thera, but a compilation of the great Arahants who are descended from the Buddha's discourse. We will discuss that definition in a future article. Expect in the next article how the interpretation will be a Buddha Discourse, along with formulaic illustrations of the existence of a detailed discourse of the Supreme Buddha.

[1] Samantha Pasadika Discipline (Sapa), Hewavitharana Printing (Hemu), p.

[2] Sumadgalavilasini Diganikayaparthakatha (Suvi), Hemu, 1 p.

[3] Saraththadeepani Disciplinary Commentary

Compiler
Tripitaka Master
Mahawa Gnanaloka Thero
Do you think you know better than the ancient Sangha ?
classicaltheravada.wordpress.com
Post Reply